දරුවන් නොසැලකීම හේතුවෙන් ජීවත් විය නොහැකිව සිත් කලකිරීමට පත් වයස් ගත යුවළකගේ (73) හැවිරිදි බිරියගේ බෙල්ල මන්නා පිහියකින් කපා මරා දමා එම මන්නා පිහියෙන්ම තම බෙල්ල ද
කපා ගත් වයස්ගත

ස්වාමිපුරුෂයා ඊයේ (15දා) පෙරවරුවේ දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ නන්දාවතී දහනායක නමැති වයස් ගත කාන්තාවකි. ඇය ඊයේ පෙරවරුවේ නිවෙස තුළ සිටියදී එම ඛේදනීය සිද්ධියට මුහුණ පා ඇති අතර පඩි පෙළකින් වැටී සුෂුම්නාවේ ආබාධයකින් රෝහල් ගතව සිට ඇය ටිකට් කැපීමෙන් පසු පසුගිය (13දා) ආපසු නිවෙසට පැමිණ තිබිණි. මේ වයස්ගත යුවළ ජීවත්ව සිට ඇත්තේ මිරිහාන පරණ කොට්ටාව පාරේ නිවෙසක හුදකලාවය.

මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හෝමාගම - ජයසේන හත්වැල්ල