ඊයේ (21)ට යෙදී තිබූ ලෝක ධීවර දිනය සමරමින් ධීවර ගුවන් විදුලි සේවය නමින් ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර තිබේ.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ධීවර වාරාය නීතිගත
සංස්ථාව මගින් මෙය අරඹා ඇත.
මෙහිදී කාළගුණික පුවත්, ධීවර අනාවැකි, ස්වාභාවික විපත් පිළිබඳ තොරතුරු, සංගීතමය වැඩසටහන්, මසුන් ආශ්රිත තොරතුරු සහ ධීවර අණපනත්, නීති පිළිබඳ තොරතුරු විකාශණය කිරීමට නියමිතය.
මීට වසර ගණනාවකට පෙර 1990 දශකයේදීද මෙවැනි ගුවන් විදුලි සේවාවක් අරඹා තිබූ නමුත් පසුව එය ඇණ හිට තිබුනි.