පසුගියදා අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයෙන් අකාලයේ මියගිය කථානායක කරු ජයසුරිය මහතාගේ කනිටු දියණිය ඉන්දිරා ජයසූරියගේ අවසන් කටයුතු බ්‍රිතාන්‍ය කෙන්ට් බ්‍රෙන්ට්ලි සුසාන භූමියේදී අද(11) දින
සිදුකිරීමට නියමිතය.
ඇය මියයන්නට ආසන්න කාලයේදී සිදු කර තිබූ

ඉල්ලීමකට අනුව දේහය ලංකාවට ගෙන්වන්නේ නැති අතර ඇය වාසය කළ ගම්මානයේදීම සිදු කරන්නට තීරණය විය.
දෙදරු මවක වූ ඉන්දිරා ගැන ලෝකයම කථාබහ කර තිබුනේ ඇය සිය දරුවන් වෙනුවෙන් කැපකිරීම් කර පිළිකා රෝගයේ හානිය තමන් වෙත පවරා ගනිමින් කළ පරිත්‍යාගය ගැනයි.
 කණිටු දියණියගේ අවසන් කටයුතු සදහා සහභාගී වීම පිණිස කථානායක කරු ජයසූරිය මහතා ඊයේ(10දා) රාත්‍රියෙහි බ්‍රිතාන්‍ය බලා පිටත්ව ලිය අතර දින දෙකකින් යළි දිවයිනට පැමිණෙනු ඇති බව වාර්තාවේ.