රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා කටුනායක ගුවන්තොටුපළේදී  පොලීස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ රාත්‍රී මෙරටින් පිටවයාමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක
ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග පැවසී ය.
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර  තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී පන් කෝටි දාහත් ලක්ෂයකට අධිකෙ රාජ්‍ය  මුදල්  අවභාවිතා  කළැයි ඔහුට චෝදනා තිබේ.‍

මොහු අද අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය
ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී පැවති කාර්යාලය මාරුකර නව තානාපති කාර්යාලයකට 3025, White Haven Street, Washington 20008. දරණ ස්ථානයේ ගොඩනැගිල්ලක් මිල දී ගන්නට විදේශ අමාත්‍යාංශයෙන් ඇ.ඩො. මිලියන 6.65 ගන්නා අතරවාරයේ ඇ. ඩො. 3,45,000 ක් හෙවත් රුපියල් පන් කෝටි දාහත් ලක්ෂයක මුදලක් ඔහුගේ තේ සමාගමකට බැර කරගෙන ඇති බවට කරුණ හෙළී විය.
මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානු බලධාරීන්ගේද සහාය ඇතිව FCID ය විසින් විමර්ශන කර තිබුණි.
ඔහු ඥාතීත්වයෙන් මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු බවද පැවසේ.