වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පළා ගිය ඉන්දීය ජාතිකයින් 5ස් දෙනා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, තලෙයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශවලදී ය.
පොලීසිය සඳහන් කළේ,

සැකකරුවන් මුහුදු මගින් රටින් පළා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවය.
මේ අතරින් ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු පේසාලේ ප්‍රදේශයේදී ද තව ත් අයෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ට රටින් පළා යාමට සහය දැක්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.