නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්) සිදුවූ දෙයක් නොමැති
බවත් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගාල්ලේදී පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ ගාල්ල නගර ශාලාවේ පැවැති ශ්‍රී ල.නි. පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.
භාණ්ඩාගාරයෙන් ලිපි ගොනුවක් මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක් සමග 2012 වර්ෂයේ දී මහා භාණ්ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්පතක්. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්. මේ චෙක්පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.
ජනාධිපතිවරණයට පෙර දින මොන කාර්යාලද අමාත්‍යංශය ද වැඩ කළේ? මේ මුදල රුපියල් කෝටි 400 ට වැඩියි. කෝටි 442 යි. ජනාධිපතිවරණයට කලින් දවසේ රුපියල් මිලියන 3012 ක් නිකුත් කරන්න නිලධාරීන්ට අයිතියක් තියෙනවාද? ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි