කොළඹ 7 මියුසියස් බාලිකා විද්‍යාලයේ රංග ශාලාවේ අද 4 සවස  ගින්නක් හටගෙන තිබේ. විද්‍යාලයීය පිහිනුම් තටාකය ඇත්තේ රංග ශාලාව පිහිටි ගොඩනැගිල්ලේ බවත් විද්‍යාලයේ ආපනශාලාවක්ද ඒ අසළ පිහිටා ඇති බවත් වාර්තාවන අතර ගින්න ඒ දෙසට පැතිරීමේ අවදානමක්ද මතුව
ඇත.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.


ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.
පාසල් කටයුතු නිමාවෙන් පසු ගින්න මතුව තිබේ.ගින්නෙන් පාසැල් දැරියන්ට හෝ කිසිවකුටත් හෝ හානියක් නොමැති බව විදුහල්පතිනිය පවසයි.