ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේය.


ඒ අනුව අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කල අතර ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.