ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 2.30 ට පමණ ජපානයේ ඊසානදිග මුහුදේ ඇතිවූ රික්ටර් ඒකක 7.4 ප්‍රබල භූමි කම්පාව නිසා එරට සුනාමි අවදානමක් මතුවිය. අඩි 2 ක පමණ  සුනාමි උදම් රළ පැමිණීමක්ද ෆුකුෂිමා බලාගාරය අසළ වෙරළේ සිදුවූ අතර මේ නිසා එම බලාගාරයද වසා දමන ලදි.
එරට වේලාවෙන් අඟහරුවාදා උදෑසන 6.00 ට පමණ මෙම භූ කම්පනය සිදුවූ අතර මේ නිසා උදෑසන හිරු එළිය වැටීම නිසා අවදානමින් මිදී පළායන්නට වැඩි පිරිසකට අවකාශ ලැබිණි.
 ෆුකුෂිමා ආශ්‍රිතව අඩි 3.3ක පමණ ප්‍රථම උදම් රළ පැමිණීමක් මේ වනවිට වාර්තා වන බව ප්‍රංශ පුවත් සේවය පවසා ඇත.


කෙසේ වෙතත් පැය 4.30 කට පසුව සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 25ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවට දැන් හඳුනාගෙන ඇත.
මීට වසර 5 කට පමණ පෙර 2011 වසරේදී මෙම ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවූ භූ කම්පනය හා සුනාමි අනතුර හේතුවෙන් මිනිස් ජීවිත18000 ක් අහිමි විය.
මෙම සිද්ධිය නිසා විශාල පිරිසක් ප්‍රදේශ අතහැර ගොස් තිබෙන අතර සිදුවූ හානි ගැන තවම වාර්තා නොවේ.
ජපානයට බලපෑ භූකම්පනය හේතුවෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පවසයි.
සුනාමි අවදානම පැවති ප්‍රදේශ ගැන වීඩියෝව පහතින්