ප්‍රශ්නය- හලෝ.... රන්ජන් මහත්තයා....



පිළිතුර- ඔව්. කතා කරන්ට



ප්‍රශ්නය- "දිවයින" පත්‍රයෙන්....

පිළිතුර- ඔව් මොකක්‌ද ප්‍රශ්නය

ප්‍රශ්නය- මොකක්‌ද අර ටී වී එකක්‌ ගෙනාපු කතාව

පිළිතුරු- මොන ටී වී එකක්‌ද

ප්‍රශ්නය- අර වෙබ්සයිට්‌වල තිබුණේ.

පිළිතුර- දේශපාලනය කරනකොට අපිට ඔය වගේ මඩ පහරවල් එල්ල වෙනවා.

ඔය ටී වී එක මගේ ජපන් සංචාරය නිමකර කටුනායකට පැමිණි මොහොතේ ඩියුටි ප්‍රී වලින් මම මිලට ගත්ත එකක්‌. මම සොරකමක්‌ වංචාවක්‌ කළා නම් මට නීතියෙන් නඩු දාන්න තිබුණා. මෙතන වංචාවක්‌ වෙලා නැහැ.

ප්‍රශ්නය- ටී වී එකක්‌ ගෙනවා කියලා අන්තර්ජාල ඔස්‌සේ ඇයි මඩ ගහන්නේ....

පිළිතුර- ජනතා විමුක්‌ති පෙරමුණේ ඉඳලා ඒ පක්‌ෂයට එරෙහිව යටිකූට්‌ටුකම් කළ පුද්ගලයෙකු ඒ පක්‌ෂෙන් පැන්නුවාට පස්‌සේ ඔහුගේ අන්තර්ජාලයේ මට දිගට හරහාට මඩ ගහනවා. මම ජපානයේ සංචාරයට ගිහින් දින හයක්‌ එහි රැඳි සිටියා. මේ ගමනට අමාත්‍යාංශයේ හතර දෙනෙක්‌ ගියා. ටෝකියෝ නගරාධිපතිවරයා පවා අපි හමුවුණා. ඔහු අපිව ඉතා සුහදව පිළිගත්තා.


ආපසු ලංකාවට එද්දී මම අපේ ලේකම්ගෙන් ඇහුවා. ඔයාලට මොනවද ගේන්න ඕනෑ කියලා ටී වී එකක්‌ ගේන්න කිව්වා.
ඩියුටි ෆ්‍රී ෂොප් ළඟදී හුඟදෙනෙක්‌ සමඟ මම සෙල්පි ඡායාරූපවලට පෙනී හිටියා.
එම ෂොප් එකෙන් මට ටී වී එකක්‌ අලෙවි කළා. ඩොලර් 990 කට ඒක මිලට ගත්තා.
බැලින්නම් ඒක ලේකම්ගේ ගෙදරට ලැබුණාට පස්‌සේ එයාලට තේරිලා තිබෙනවා ඒ ටී වී එක පරණ එකක්‌ කියලා.
පස්‌සේ මේ ගැන අපි ඩියුටි ෆ්‍රී එකට දැනුම් දුන්නා. ඒ ගොල්ලෝ වැරද්ද පිළිගත්තා. ඔවුන් හුඟක්‌ කනගාටු වුණා. මුදල් ආපසු දීලා වරද නිවැරදි කරගත්තා.
බැලින්නම් ඒ ටී වී එක කොළඹදිත් ඊටත් වඩා අඩු මුදලකට ගන්න තිබුණා.
ඔන්න ඕකයි ඔය ටී වී කතාව.
ඔය සිද්ධිය ගැන අර බංකොළොත් දේශපාලනඥයාගේ අන්තර්ජාලයේ මට මඩ ගහලා තිබුණා. ඒ වගේම මම තව එකක්‌ කියන්නම් බැරි වේලාවත් අපේ ගෙදරදී තරුණයකු හදිසියේම මැරුණොත් එහෙනම් අද මං වෙනුවෙන් අද මාධ්‍ය සාකච්ඡා තියනවා. මට හොඳටම බණියි. මඩ ගහයි. සත්‍ය අසත්‍ය බලන්නේ පස්‌සේ.

නෝමන් පලිහවඩන (ඉරිදා දිවයින)