අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පසුගිය 10 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වසර 25 කට අධික කාලයක්


නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධූරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.
වෝහාරික විද්‍යාව පිළිබද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇති සරත් ජයමාන්න මහතා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාවලිය සදහා ඩී.එන්.ඒ සහ දුරකථන සාක්ෂි හදුන්වාදීමට ද මූලික වී ක්‍රියා කළ අයෙකි.