සුරතල් සතුන් අලෙවිකරන වෙළෙඳසලක් රාත්‍රි කාලයේ බිඳ රුපියල් විසි එක් දහස් පන්සියයක් වටිනා සුරතල් සතුන් සොරාගෙන ගිය බව කියන පාසල් සිසුන් 4ක් සැකපිට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13වැනි දින සවස 6.00ත් 14 දින උදේ 8.30 අතර

කාලය තුළදී වැලිගම නගරයේ සුරතල් සතුන් අලෙවිකරන වෙළෙඳසලකදී සොරකම සිදුකර තිබේ.
සාවුන් හතරක්ද වටු කුරුල්ලන් ජෝඩු දෙකක්ද කළුකුන් මාස එකහමාරේ පැටවුන් අටක්ද ලව්බර්ඩ් ජෝඩු පහක්ද රට ගිරව් ජෝඩුවක්ද සොරා ගෙන ගොස් ඇති බවට වෙළෙඳසල් අයිතිකරු විසින් පැමිණිලි කර තිබිණි.

සැකකාර සිසුන් ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රෙණියේ ඉගෙනුම ලබන්නන් බවට පොලිසිය පවසයි.

වැලිගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එච්.එම්. ජයතිලක මහතාගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකාර සිසුන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කඹුරුගමුව - එස්.එම්. බන්දු