”ආවා ” කල්ලියේ බවට කියන හයදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසිය කියයි.


ඔවුන්ගෙන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ 05 වෙනිදා සවසයි.
ඔවුන් පොලීසියට ලබාදුන් තොරතුරු වලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු 06 දා අත් අඩංගුවට ගත් බවද යාපනය පොලීසිය පැවසීය.
චුන්නාකම් පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම නිවසක ජීවත් වන දෙදෙනෙකි.
කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයේ පිරිසක් යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහය ඇතිව මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කිවේය.