අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමු ගුණ සමරුව නිමිත්තෙන්
 ලබන 14 වනදා පවත්වන්න නියමිතව තිබූ උත්සව සියල්ල ඒ ආකාරයෙන් පවත්වන බවත් ඒ සම්බන්ධ තිබුණ වාරණ නියෝගය සංශෝධනයට ලක්වූ බවත් පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන් විසින් අප වෙත දන්වා සිටී.

කෝට්ටේ නාග විහාරස්ථාන භූමියේ තැන්පත් කිරීමට සූදානම් කර ඇති සෝභිත හිමියන්ගේ පිළිරුව
මෙම 23 දින දක්වා තැන්පත් කිරීම වළක්වාලමින් නුගේගොඩ


දිසා විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා වාරණ නියෝගයක් නිකුත් කොට තිබූ නමුත් එය ඊයේ 10 අධිකරණයේදී සංශෝධනයට ලක් විය.
මෙම වාරණය ඉල්ලා තිබුනේ‍ෙ පූජ්‍ය කැලණියේ සෝරත හිමියන්ය.
තමන් වහන්සේගේ අවසරයකින් තොරව සිදු කරනු ලබන විවිධ ක්‍රියාවන් නිසා විහාරස්ථානයේ හා දායක සභාව අතර විවිධ මත ගැටුම් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමි සිය නීතිඥවරුන් මඟින් අධිකරණයට දන්වා තිබුණ නමුත් කරුණු පෙන්වාදීමෙන් අනතුරුව එම නියෝගය ඉවත් කර තිබේ.
ඒ අනුව ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එලැඹෙන 14 පොහොය දිනයේ සෝභිත හිමි වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම,පිළිමය විවෘත කිරීම, මාර්ගයක් නම් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සිදුවන බවද වාර්තාවේ.