පෙරහැරින් රැගෙන ගිය අයුරු (Video) ජනපතිත් එක්වේ
අභාවප‍්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ දේහය අද උදෑසන 10.15 ට පමණ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට ටොරින්ටන් නිදහස් චතුරශ්රය දක්වා අවමංගල රථයක නංවා පෙරහැරකින් රැගෙන ගියා.
රසිකයින් කලා ශිල්පීන් දේශපාලකයින්
ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
රූපවාහිනී සංස්ථාව ආසන්නයේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හා ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර දේහය රැගත් වාහනයට පුෂ්පෝහාර දැක්වූ අතර අනතුරුව එතැන් සිට නිදහස් චතුරශ‍්‍රය දක්වාම ජනපතිවරයාත් දේහය සමග ගමන් කළා.
හෙට සවස 3.30 දක්වා මෙම ස්ථානයේ දේහය තැන්පත් කර අවසන් කටයුතු මෙතැනදීම සිදු කරන්නට නියමිතය.
(මධ්‍යම රාත්‍රියේත් දේහයට ගෞරව දක්වන්නට අවස්ථාව හිමිවේ)