විජය නන්දසිරි සමුගෙන මාස 3 යි
දේවිකා පුතු සමග වේදිකාවට
ජනතාවගේ ආදරයට ලක්වූ කලාකරු විජය නන්දසිරි සමුගෙන අදට (7) මාස 3 කි.
ඒ නිමිත්තෙන් විජයගේ නිවසේ අද ධර්ම දේශනයක් හා හෙට දානමය පින්කමක්ද පැවැත්වේ.
විජය නන්දසිරි සමුගැනීමෙන් පසු ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ දියණිය ලංකාවට පැමිණි අතර ඇය තවම එරටට ගොස් නැත. ඇය විජයගේ බිරිය දේවිකාගේ තනිකම මකමින් ලංකාවේ දිගටම රැඳී සිටි අතර විජයගේ පුතු රසාංජනද නිවසේ සිටී.
මේ අතර පසුගියදා දේවිකා මිහිරානි අලූත්ම හෙළිදරව්වක්
කළා. ඇය නැවත වේදිකා නාට්‍ය වලට පිවිසෙන බව සහ පුතු රසාංජන විජය රඟපෑ භූමිකා සඳහා ආදේශ කරන බව එම ආරංචියයි.
ඇය ඒ ගැන මෙසේ කියා ඇත.
Pix By -Sandun Gamage