ජනපති නිල වෙබ් අඩවිය හැක්කළ සිසුවාට
ජනපතිගෙන් ස්කූල් බෑග්

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ ජනාධිපති මෛත්‍රිපාලගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කර ‘ඒ ලෙවල් කල්දාන්න නැතිනම් ඉල්ලා අස්වෙන්න‘ යයි තර්ජනාත්මක ප්‍රකාශය සටහන් කළ පාසල් සිසුවා
පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවට පත්ව පසුව පරිවාස භාරයට නියම කර තිබුණි.



ඔහු සිය දෙමාපියන් සමග ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත්තේ සියල්ලන්ට සමාව දීමේ මෛත්‍රී ප්‍රතිපත්තිය මුල් කරගෙනය.

සිසුවා හා ඔහුගේ සොයුරු සොයුරියන් වෙනුවෙන් පාසල් බෑග් තුනක් විශේෂ තිළිණ ලෙස ප්‍රදානය කළ ජනාධිපතිතුමා සමග ඔහුගේ පවුලේ අය ඡායාරූපයකටද පෙනී සිටි අතර පසුව සංග්‍රහයක්ද ලබා පිටව ගොස් තිබුණි.