සතුරන් දැන් මට එරෙහිව සිඟිති විනෝදයක් ලබනවා
මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ....
.
නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන මියයාමේ සිද්ධිය මේ වනවිට දේශපාලන ලෝකයේ රැව් පිළිරැව් දෙන සිදුවීමක් බවටද පත්ව ඇත. විමල් මේ නිසා උසුළු විසුළු වලටද භාජනය වී ඇත. ඔහු එම මරණය හා ඊට ලැබෙන ප්‍රතිචාර ගැන
මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ තමාගේ පුතා උසස් පෙළ නිම කර යාළුවො ඇසුරු කරන්නට ගෙදරට ගෙන්වා ගත් නිසා මේ සිද්ධියට තමා පැටළුණ බවයි.
එම සිද්ධිය මුල් කරගෙන අවලාද නැගීම් කරන්නේ තමන්ගේ දේශපාලන වෛරක්කාරයන් බවත් එසේ කරන්නේ කිසිම දිනෙක


කිසිම අයෙකුට මඩ ගසා නැති තමාට බවත් ඔහු කියා සිටියි. ඔහු ඒ ගැන පැවසූ හැටි මෙසේය.

ඔබේ නිවසේ තරුණයෙක් මියයනව නේද?


ඒ මගේ පුතාගෙ මිතුරෙක්.මීට කලිනුත් ඒ පුතා අපේ ගෙදර ඇවිත් තියනවා.අපේ පුතාගේ යාළුවො දෙතුන්දෙනෙක්වත් නිතරම වගේ ගෙදර ඉන්නවා.මගෙ පුතාගෙ උසස්පෙළ විභාගෙත් ඉවරයි.ඉතින් පුතා එළියට යන්නෙ නෑ.

යාළුවො ගෙදරට එනවා.එහෙම ගෙදර ඉන්න කොට වෙන මුකුත් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැති හින්දා අපිත් ඒකට ඉඩදීලා තියනවා. අවට ගෙදරක පුතෙක් තමයි ඔය හදිස්සියේ මරණයට පත්වෙන්නෙ. ඉතින් ඔය සිද්ධිය වෙන්නෙ අපේ ගෙදර නිසා විමල් වීරවංශට ගහන්න මේක හොඳ තුරුම්පුවක් කියල හිතන අපේ සතුරන් මේක හරහා සිඟිති විනෝදයක් ලබනවා.

මට ඕන දේකට ඔරොත්තු දෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ අය කරන විශාල හානිය තමයි මියගිය දරුවාටත් ඒ අය අවමන් කරන එක. ඒ වගේම මගේ දියණිය..අවුරුදු 16 වෙච්ච මගේ දියණියටත් මේ අය අවමන් කරනවා.එහෙම අශිෂ්ට මෙහෙයුමක් ඔවුන් කරනවා.

ඔබත් හැමෝටම මඩගහන හින්දා ඕවා බලාපොරොත්තු විය යුතුයි?


මම කෙනෙකුට ගහපු මඩක් ඔබ මට කියන්න.මඩක් කියලා කියන්න පුළුවන් දෙයක් ඔය මහත්තුරුන්ට පෙන්වලා දෙන්න කියල මම අභියෝග කරනවා.අපට ඔය කුණු රසය අවශ්‍ය නෑ.අපට තියෙනවා දේශපාලන විවේචනයක්.මම ජවිපෙ ඉන්න කාලෙ ඉඳලා අඛණ්ඩව සංසාරයේ ඉවරයක් නැතිව ඉන්න වෛරක්කාරයන්ගෙ ප්‍රතික්‍රියාවක් මිස මේක වෙන මුකුත් නෙමෙයි.

(සාකච්ඡා සටහන - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)