පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී අසල්වාසී තරුණයෙකු මියයාමෙන් පසු තමා ගැන
විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04) දින ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කර ඇත.
තමන්ගේ පුද්ගලිකත්වයට හානි වන ආකාරයේ තොරතුරු සහ ඡායාරූප පළ කර ඇති බවට සාක්ෂිද ඇය එහිදී ඉදිරිපත් කර ඇත.
නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ ඇගේ මව ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.
එම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගනු ඇතැයි වාර්තාවේ.
විමල්ගේ නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ තවමත් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර විමල් වීරවංශ පවසන්නේ ඔහු මියගියේ හෘදයාබාධයක් නිසා බවයි.