ඒ කාලෙ අමරදේව මහත්තයාට 
සල්ලි දීලා දේශපාලන වාසියට
වොයිස් කට් ගන්න සමහරු උත්සාහ කළා...

එත් මං ඉඩ දුන්නෙ නෑ
- විමලා අමරදේව



අභාවප්‍රාප්ත අචාර්ය අමරදේවයන් ජීවතුන් අතර සිටියදී එතුමන්ගේ කීර්තිය දේශපාලන වාසිවලට හරවාගන්නට ඇතැම් අය විවිධ අවස්ථාවල උත්සාහ ගෙන තිබුණ නමුත් තමා කල්පනාකාරී වීම නිසා ඒවා වැළැක්වූ බව අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව පුවත්පතකට පවසා තිබේ.
පසුගිය 2015 වසරේ
සසර දනව්ව සංගීත ප්‍රසංගයට සූදානම් වන අතරතුර ඇය මේ බව හෙළි කර තිබුනේ


අමරදේවයන් කුඩා දරුවෙකු මෙන් සිතන කපටිකම් වලින් තොර අයෙකු වීම නිසා ඕනෑම දෙයකට හසුවිය හැකි වාතාවරණයක් තිබුණ  බවද දක්වමිනි.
එකල අමරදේවයන් සිනාමුසුව අසාගෙන සිටියදී ඇය ඒ ගැන හෙළි කර තිබුනේ මෙසේය.

‘මෙතුමා පුංචි බිලිඳෙක්‌ හා සමානයි. තක්‌කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්‌සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා. 
මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස්‌ කට්‌ ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා.
  සල්ලි මට අලුයම ලූ කෙළපිඬක්‌ හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අවස්‌ථාවලදී අනෙක්‌ අය කළ දේ මෙතුමා කළේ නෑ.
ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්‍රමශීලීව වැළැක්‌වූවා.
කොයිවෙලේත් මම මෙතුමා එක්‌ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්‌සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්‌. හිතුවක්‌කාර නෑ. කියන දේ අහනවා.
මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.‘