2016 දෙසැ. 18 සිට දෙසැ. 24 දක්වා සතියේ පලාපල

මේෂ – බාධා මැද දියුණුව
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා ප්‍රමාදතා මධ්‍යයේ තමාගේ දියුණුව ලැබිය
හැක. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාවනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්
ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ලබාගනී. ආදායම් ලැබුණද ඔබට වියදම්
පාලනය කර ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී විටින් විට සුළු සුළු බාධා අවහිරතා
ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්වද විමසිලිමත්වද තමාගේ කටයුතුවල නියුක්ත විය
යුතුය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් වන්න. තම සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය : රතු  ජය අංකය : 09

වෘෂභ – හවුල් කටයුතුවලදී ප්‍රවේශම් වන්න
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් කටයුතු කරගෙන යාමේදී මිල මුදල් සම්බන්ධයෙන් එතරම්ම යහපත් නොවේ.
කෙසේද වුවත් තමාගේ වියදමට සරිලන ආදායම් උදාකර ගනී. වෘත්තීය සහ රැකී රක්ෂා කරගෙන යාමේදී
යම් යම් බාධා අවහිරතාවලට ඉඩ පවතී. හවුල් කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුය. ගෙදර දොර
කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමගිය, සාමයට බාධා අවහිරතා
පවතින බැවිනි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී ස්වකීය
උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී.
ජය වර්ණය : නිල්  ජය අංකය : 06



මිථුන – වාසි ලබයි
යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබා
ගනී. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත්ය.
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වාතාවරණයක් ගෙන දේ. වාසි ලැබේ. ගෙදර දොර
කටයුතුවලදී සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඉගෙනීමේ
කටයුතු කරගෙන යාමේදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද ලැබිය හැක. ආගමික
සහ සාමාජීය කටයුතුවලට හිත ඇදී යයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය.
ජය වර්ණය : කොළ  ජය අංකය : 05

කටක – සමපලදායකයි
වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට අවහිරතා බාධා එල්ල වේ. එම නිසා
ඉතාමත් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් ආකුලතා සහ ව්‍යාකූලතා ඉස්මතු කළ
හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක බවක් පෙන්නුවද විටින් විට වියදම් පක්ෂය ඉහළයාම
තුළ බාධා ගෙන දේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුය. ගෙදරදොර කටයුතු
කරගෙන යාමේදී තරමක් විමසිලිමත් වන්න. විටින් විට සමගියට බාධා අවහිරතා එල්ල විය හැකි බැවිනි.
ඉගෙනීමේ කටයුතුවලදී යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථාව සැලසේ.
ජය වර්ණය : ක්‍රීම් පාට  ජය අංකය : 02

සිංහ – අන්‍ය සහයෝගය
රාජකාරී සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාර ලැබිම තුළ
තමන්ගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කර ගත හැක. වෘත්තීය දියුණුවක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය
ක්ෂේත්‍රයේදී වඩාත් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත
හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී විටින් විට
සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන්න. ආගමික සහ සමාජීය
කටයුතුවලටද ඉඩ සැලසේ. සහනයක්ද සැනසීමක්ද උදාකර ගත හැක.
ජය වර්ණය : රතු  ජය අංකය : 01

කන්‍යා – මිශ්‍රඵලයි
වෘත්තීය සහ රැකී රක්ෂා කරගෙන යාමේදී විටින් විට බාධා අවහිරතා ඉස්මතු වේ. අන්‍යයන් සමග
කටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත් විය යුතුය. කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය
වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ එම වාසි ලබයි. ගෙදරදොර කටයුතු යුගදිවිය
සම්බන්ධ කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන
කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ආගමික සහ
සමාජීය අංශයට වැඩි නැඹුරුවක් ගෙන දේ.
ජය වර්ණය : කොළ  ජය අංකය : 05

තුලා – සමපලයි
අන්‍යයන් සමග කටයුතු කරගෙන යාමේදී ඉතාමත් කල්පනාකාරී වන්න. විටෙක ඔබ බලා‍පොරොත්තු වන
තරමට සාර්ථක ප්‍රතිඵල උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ස්වකීය උත්සාහය
සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ. විදේශීය කටයුතුවලදී සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථිකය
ශක්තිමත් වේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න.
අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් වේ. අලුත් විෂයයන් ඉගෙන ගත හැක. ආගමික සහ සමාජීය
කටයුතුවලදී සහනයක්ද සැනසීමක්ද ලබයි. ගමන් බිමන් අධික වේ.
ජය වර්ණය : නිල්  ජය අංකය : 06

වෘශ්චික – දියුණුවක් ලබයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී තරමක් බුද්ධිමත්ව
ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා වර්ධනය විය හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය
වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. වෙළෙඳ
ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගතයි. ගෙදර දොර කටයුතු යහපත් වුවද දරුවන්ගේ කටයුතු
සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන්
ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. ආගමික සහ
සමාජීය අංශයට නැඹුරුවීම තුළ සහනයක් සැනසීමක් ලබනු ඇත.
ජය වර්ණය : රතු  ජය අංකය : 09

ධනු – සමඵලයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ලාභප්‍රයෝජන අත් වේ. තමාගේ වියදමට සරිලන ආදායම්
නිතරම ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවලයෙදී සිටින අයට යහපත්ය. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවල
නියුක්තව සිටින අයට අලුත් යමක් උදාකර ගත හැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ
කටයුතු සාර්ථක කර ගනී. ගෙදරදොර කටයුතු යහපත් වුවද දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක්
කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතු උදෙසා වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක
ප්‍රතිඵල උදාකර ගත හැක. සමාජීය සහ ආගමික අංශයට නැඹුරුවක් පෙන්වයි. සහනය ලබයි. දුර
බැහැර ගමන් කිහිපයකට අවධානය යොමුවේ.
ජය වර්ණය : රන්වන්   ජය අංකය : 03

මකර – ලාභ ප්‍රයෝජන ලැබේ
වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් අන්‍යයන්ගේ
ආධාර උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්
ශුභයි.විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක තත්ත්වයක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට
එහි වාසිදායක තත්ත්වයක් උදා කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.
දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතු ‍ලේඛනමය කටයුතු සන්නිවේදන කටයුතු යහපත් වනු ඇත.
සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආගමික අංශයට වැඩි නැඹුරුවක් පෙන්වයි. ඒ තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.
ජය වර්ණය : නිල්  ජය අංකය : 06

කුම්භ – මිශ්‍රඵල
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ
ප්‍රයෝජන ගෙන දේ. ආදායම් ලැබුණද විටෙක වියදම් පක්ෂය ඉහළ යයි. වෘත්තීය සහ රැකී රක්ෂා
කටයුතු යහපත් වේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්
වේ. විදේශ සංචාරවලට ඉඩ සැලසේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.
දරුවන්ගේ කටයුතු යහපත් වේ. සමාජීය ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුවක් පෙන්වයි. ගුප්ත ශාස්ත්‍රීය
කටයුතු කෙරෙහි අවධානය යොමු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ
ලැබේ. දියුණුවක් ලබයි.
ජය වර්ණය : නිල්  ජය අංකය : 08

මීන – බුද්ධිමත් වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය
තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. බුද්ධිමත්වද කල්පනාකාරීවද ක්‍රියා කරන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්
ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කරගත හැක. කෙසේ වුවද
වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. ගෙදර දොර කටයුතුවලදී යුග දිවිය සම්බන්ධ කටයුතුවලදීද තරමක්
විමසිලිමත්වද ඉවසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත්
වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය : රන්වන්  ජය අංකය : 03

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –