සන්හිල් ව්‍යාපාර සමූහය  2017 ජනවාරි 16 වැනිදා සිය 25 වැනි සංවත්සරය සමරයි. වර්ෂ 1992 ජනවාරි 16 වැනිදා සිය ව්‍යාපාර කටයුතු ඇරඹූ සන්හිල් ව්‍යාපාර සමූහය 2017 වසරේ ජනවාරි 16 වැනිදාට යෙදී ඇති සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
1992 වසරේ නුවරඑළියේ දී කාමර 20කින් යුත් සන්හිල් හෝටලය ආරම්භ කරමින් සිය ව්‍යාපාර සමූහයේ මූලාරම්භය සනිටුහන් කළ සන්හිල් සමූහය එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරො මහතාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ මේ වන විට හොටල් 6ක් දක්වා වැඩි දියුණු කර තිබේ. එම හෝටල් නුවරඑළිය, කටුනායක, කොල්ලූපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස සහ පාසිකුඩා ප‍්‍රදේශවල පිහිටා තිබේ.
මීට අමතරව සන්හිල් ව්‍යාපාර සමූහය වාහන, දේපල වෙළෙදාම් ඇතුලූ ශ‍්‍රිලංකාව පුරා විසුරුනු ව්‍යාපාර 19ක්  දක්වා ව්‍යාපාත කර ඇත. එමෙන්ම සන්හිල් සමූහය ඩුබායි දක්වාද ව්‍යාපාර කටයුතු පුලූල් කර තිබෙන අතර සන්හිල් ව්‍යාපාර සමුහය මේ වසරේදී අභ්‍යන්තර ගුවන් සේවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.
සිය ව්‍යාපාර සමූහයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් සේවක ඇගයීම්, සමරු තිලින හා විශේෂ ත්‍යාග තම සේවක මණ්ඩලයට පිරිනැමීමට දේශමාන්‍ය සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා මහතා කටයුතු කර ඇති අතර සිය ව්‍යාපාර වල වසර 15කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් සඟහා නිවාස සහ ඉඩම් ලබා දීමට කටයුතු කිරීම සුවිශේෂී වේ.
තම ව්‍යපාර සමූහයට වසර 25ක් පිරීම නිමිත්තෙන් සන්හිල් ව්‍යාපර සමූහයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා අදහස් දක්වමින් ‘‘මට වයස අවුරුදු 17 දී ආරම්භ කළ සන්හිල් ව්‍යාපාර සමූහයට වසර 25ක් සම්පූර්ණ වෙනවා.  මම උසස් පෙළ හදාරමින් ඉන්නකොට ජපන් භාෂාව සහ හෝටල් කළමනාකරනය පිළිබඟ ඉගෙන ගන්න ලැබුනු ශිෂ්‍යත්වයක් මත ජපානයට ගිහින්  ඉගෙන ගන්න ගමන් වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් අවුරුදු 20දී කාමර 20ක හෝටලයක් නුවරඑළියේ ආරම්භ කළා. ඒ 1992 ජනවාරි 16 වැනිදා.  ඒ ආපු ගමන තමයි මේ. ඒ ගමනේ කටුක අත්දැකීම් වගේම සුන්දර අත්දැකීමුත් තියෙනවා’’ යැයි කියා සිටියේය.
සන්හිල් ව්‍යාපාර සමූහයට අවුරුදු 25ක් පිරෙන මේ මොහොතේ සිය ව්‍යාපාර පිළිබද අනාගත බලාපොරොත්තු පිළිබඟව අදහස් දැක් වූ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා කියා සිටියේ මේ වනවිට උපාධිය සම්පූර්ණ කර සිටින  සිය වැඩිමහල් පුත‍්‍රයාත් හෝටල් කේෂ්තයට සම්බන්ධ කරගෙන වෙනත් රටවලටත් තම ව්‍යාපර ව්‍යාප්ත කරමින් සිටින බවයි.