මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල වෙනදාට වඩා ප්‍රමාදවීම ගැන කථාබහක් මතුව තිබෙන අතර

ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ 2016 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මෙයට පිළිතුරු දෙන විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසන්නේ A/L ප්‍රතිඵල ජනවාරි මස 12 වැනිදාට පෙර නිකුත් කරන බවත් ප්‍රමාදයක් නැති බවත්ය.
ඔහු පෙන්වාදෙන්නේ මෙවර තාක්ෂණික විෂය ධාරවෙන් පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 30,000කින් වැඩි වී ඇති බව සහ තාක්ෂණික විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණු ලිඛිත පරීක්ෂණ සඳහා එකතු කිරීමට යම් කාලයක් ගතවීම මෙම වෙනසට හේතුවක්ව ඇති බවයි.
2015 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවේ ද 2016 වසරේ ජනවාරි 03 වැනිදා බව මතක් කරන ඔහු මෙවර ඊට වඩා වැඩිම වුණොත් දින 9 ක් ගතවනු ඇතැයිද 12 ට පෙර ඒවා ලබාදෙන්නට උපරිම උත්සාහය ගන්නා බවද දන්වා සිටී.