ප්‍රකට හොලිවුඩ් නිළි ඩෙබී රෙනොල්ඩ්ස් 84 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඇයගේ දියණියක වන හොලිවුඩ් නිළි කැරී ෆිෂර් හදිසි හෘදයාබාධයක් නිසා මියගොස් දිනකට පසු ඇගේ මරණය වාර්තාවීම විශේෂිතය. දියණියගේ සමුගැනීම නිසා කම්පනයෙන් සිටි ඇය  ‘මට දියණිය වෙත යායුතුයි‘ අවසන් මොහොතේ ප්‍රකාශ කර ඇත.

1932 වසරේ උපන් ඩෙබී වසර 70 ක අඛණ්ඩ රංගන දිවියකට හිමිකම් කියන අතර 2016 වසරේත් වාර්තා චිත්‍රපටයකට දායකවූ නිළියකි. Three Little Words, The Catered Affair, Bundle of Joy,The Unsinkable Molly Brown චිත්‍රපට නිසා ඇය කථාබහට ලක්විය.
ඇකඩම් සම්මාන දෙකක්

සඳහා නිර්දේශවූ ඇය 2015 ඇකඩමි උපහාර සම්මානයකින්ද පිදුම් ලැබුවාය.

The Debbie Reynolds Show නමින් 1970 දශකයේ රූපවාහිනී වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.
චිත්‍රපට වේදිකාව රූපවාහිනී මාලා නාටක ආදී සෑම මාධ්‍යයකම රංගනයට එක්වූ නිළියකි. ඇය නර්තන ශිල්පිනියක ලෙසද දස්කම් දක්වා ඇති අතර ඇය ව්‍යාපාරික කාන්තාවක ලෙසද සාර්ථකත්වයට පත්වූ නිළියකි. ඇයට හිමි කැසිනෝ අවන්හල්ද තිබුණ අතර මානව සමාජ සත්කාර වෙනුවෙන් සංවිධානයක්ද ඇය අවසන් කාලයේ පවත්වාගෙන ගියාය.

ඩෙබී රෙනොල්ඩ්ස් විවාහ තුනක් කරගෙන තිබුණ අතර ඇගේ පළමු විවාහය සිදුකරගෙන තිබුණ සංගීතවේදියෙකුවූ එඩී ෆිෂර්ට දාව දියණියක හා පුතෙකු ලබා තිබුණි. මැගේ මරණයට දිනකට පෙර මියගියේ කැරී ෆිෂර් නමැති හොලිවුඩ් නිළියකවූ එම දියණියයි.