නත්තල් ගෙනියන්න හැදූ තිස්ස පියා නැතිව 
දුල්මිණි දියණිය ඕස්ට්‍රේලියාවේ තනිවේ 

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට අවශ්‍ය යයි
පසුගියදා කළ ඉල්ලීම අදිකරණයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ නියෝගයකට අනුවයි.
නීතිපති විසින් එම ඉල්ලීමට අවසර ලබා දී නැත්තේ අදාළ ඉල්ලීමට විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් බව ද දන්වා ඇත.