බොරු දැම්මොත් මෙන්න බොරු කියල අපි කියනවා
Facebook නව ක්‍රමය සකර්බර්ග් හඳුන්වාදෙයි

මේ වනවිට ලෝකයේ ප්‍රධානතම තොරතුරු සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව තිබෙන ෆේස්බුක් ඔස්සේ දේශපාලනික ආගමික ආදී විවිධ උවමනාවන් මත ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක පිරිස් පැලපදියම්ව සිටීමත් ඒ මගින් සමාජයට සිදුවන අනර්ථයත් කෙරෙහි ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය විශේෂ අවධානය යොමු කර ඇත.
ඔහු ඊයේ (15) ප්‍රසිද්ධ කළ විශේෂ දැනුම් දීමකින් ඒ සඳහා පිළියම් ලෙස
ෆේස් බුක් සඳහා අලුතින් පිරික්සුම් ලේබල් ක්‍රමවේදයක්ද හඳුන්වාදී ඇත. එමගින් සිද්ධ වන්නේ ව්‍යාජ තොරතුරු සංසරණයේදී ඒ බව පාඨකයින් මගින් රිපෝට් කිරීමට අවස්ථාවක් සැලසීමත් එවැනි රිපෝට් වැඩිපුර ලැබෙන පුවත් ඒ ඒ රටවල් තුළ පිහිටුවන නිල පුවත්සේවා නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත්වීමෙන් පසු එම පුවත් ලේබලයක් සමග පළවීමත්ය.එම ලේබලයේ එම පුවත ව්‍යාජද නැද්ද යන්න සටහන්වනු ඇත.

සකර්බර්ග් මෙවැනි වෙනස්කමක් සඳහා යොමුවන්නට හේතුවූයේ පසුගිය ඇමරිකානු ජනපතිවරණ සමයේ ෆේස්බුක් ඔස්සේ එරට දේශපාලනඥයින් විසින් සංවිධානාත්මකව ප්‍රචාරය කර හරින ලද බොරු ආරංචි ගැන අවසානයේ ෆේස් බුක් සමාගමට එරෙහිව පැමිණිලි රාශියක් ලැබීමෙනි.ඊට අමතරව පසුගිය සමයේ පාප් වහන්සේ සම්බන්ධව ප්‍රචාරයවූ වැරදි ආරංචිද මෙම වෙනසට බලපා ඇත.

සකර්බර්ග් හඳුන්වාදෙන ‘කරුණු පරීක්ෂණ ක්‍රම වේදය‘ මුලින්ම ඇමරිකාවේ ආරම්භ කරන බවත් පසුව එය ලෝකය පුරා විහිදුවන්නට අපේක්ෂා කරන බවත් දන්වා ඇත. ඇමරිකානු පුවත් තහවුරු කිරීමට Snopes සහ ABC පුවත් ඇතුළුව සංවිධාන කටයුතු කරනු ඇතැයි සකර්බර්ග් දන්වා සිටී.

මෙම වැරදි තොරතුරු ප්‍රචාරය සඳහා ඇතැම් ව්‍යාජ වෙබ් අඩවි නාමද යොදා ගෙන ඇති බව පෙන්වාදෙන සකර්බර්ග්  අකුරු කිහිපයක් වෙනස් කර ප්‍රධාන ධාරාවේ වෙබ් අඩවි නම් වලට සමාන ලෙස පෙනී සිටින තෙවන පාර්ශ්වයේ ව්‍යාජ නිර්මාණ කරුවන්ට එරෙහිවද තමා සටන් කරන බව කියා සිටී.
මේ සම්බන්ධයෙන් සකර්බර්ග් පළ කළ නිවේදනය පහතින්