දවසට පැය 8 ගාණෙ ගුවන්තොටුපළ වහලා
-මත්තල විකල්පෙ හරියන්නෑලු
පැය 5 කට පෙර චෙකින් කරන්නලු
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ 2017 ජනවාරි 06 දින සිට මාස 03 ක පමණ කාලයක් දෛනිකව පැය 08ක් වසා දමන බව ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා දන්වයි. ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩ බෑමට හා නැංවීමට භාවිතා කරන එකම ගුවන් පථයේ නවීකරණය වෙනුවෙන්
මේ පියවර ගන්නට
ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්වා උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් වසා තැබෙන වේලාවන් අනුව ගුවන් ගමන් සංශෝධනයට පියවර ගෙන ඇති බවත් දන්වා සිටියේය. එම කාලය තුළ දිනකට ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ ගුවන් ගමන්වාර 16ක් සහ වෙනත් ගුවන් ගමන් වාර
හතරක් අත්හිටුවීමට සිදුවන බවද ඒ මහතා පැවසීය. ගුවන් පථය නවීකරණය කරන තෙක් මත්තල ගුවන්තොටුපළ භාවිතය ගුවන් සමාගම් ප්‍රතික්ෂේප කර ඇති බවත්
ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක් පමණක් එම ගුවන් තොටුපළට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ගුවන් පථය නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 7.2ක වියදමක් වැය වන බවත් නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් විසින් එම නවීකරණ කටයුතු සිදුකරන බවත් වාර්තා විය.
ගුවන්තොටුපළේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ලබන ජනවාරි මාසයේ මුල් සතියේ සිට විදේශගතවන අයට දැනට නියමිත පැය 3 කට පෙර වෙනුවට පැය 5 කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස සියලුම ගුවන් මගීන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.