2016 වසරේ මුල් කාර්තුව තුළ ආන්දෝලනයක් ඇති කරමින් නවතා දමනු ලැබූ ටොරන්ට් වෙබ් අඩවියක් වන  Kickass ටොරන්ට්ස් නැවත සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් ආරම්භ කරන ලදැයි ජාත්‍යන්තර තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කරයි.

අනුමාන චෝදනා කරමින් එහි හිමිකරු Artem Vaulin පෝලන්තයේදී

අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි ක්‍රියාකාරීත්වය අත්හිටවූ අතර දර්පණ වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ පමණක් එතරම් සාර්ථක නොවන ලෙස එය පසුව පවත්වා යන ලද නමුත් මතභේදයට තුඩුදුන් කර්තෘ අයිතිය සතිත දත්ත බොහොමයක් අතුරුදන් කර තිබුණි.
වාර්තාවන ආකාරයට එහි කාර්ය මණ්ඩලයද එම අවස්ථාවේ ඉවත්ව ගිය මුත් නව පිබිදීම සමග ඔවුන් නැවත සේවයට බඳවාගෙන ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම නව ඇරඹුමේදී ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරන බවත් කික්ඈස්හි අඩංගු පරණ දත්ත ගබඩාවම යළි පණගන්වන නමුත් කර්තෘ අයිතිය ඉල්ලන ෆයිල් ඉවත් කරන බවත් ඒ සඳහා ගූගල් සමාගම යූ ටියුබ් පරීශිලකයින් වෙත දක්වා තිබෙන නීති හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇති බවත් වාර්තා කර තිබේ.
මෙම ආරංචියත් සමග කික් ඈස්හි වටිනා දත්ත බාගැනීමට විශාල පිරිස් එක්වී ඇති අතර ඇතැම් විරල ෆයිල් අත්හිටුවන්නට බෙර බාගැනීමට පොරකන බවද තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කර තිබේ.