ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ජනවාරි 08 වැනිදා කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුපක්‌ හඳුන්වා දෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව
රුපියල් ලක්‍ෂ 444 ක්‌ ශ්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ

මණ්‌ඩලය වෙත ලබාදීමට සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
 සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිලාභී කලාකරුවන් තෝරාගෙන .ලබන ජනවාරි 08 වැනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සැමරුම් දිනයේ සිට කලාකරුවන්ට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වයස 23 සිට 55 දක්‌වා වන කලාකරුවන්ට දායකත්වය ලබාගත හැකිය. ප්‍රතිලාභ ලබන පළමු දිනයේ දී රුපියල් 50,000 ක විශේෂ බෝනස්‌ දීමනාවක්‌ ද ලැබෙනු ඇත.ප්‍රතිලාභ ලබන කලාකරුවන් සඳහා අර්ධ ආබාධිත, පූර්ණ ආබාධිත හා මරණය වැනි අවස්‌ථාවන්හිදී විශාල පාරිතෝෂිත මුදල් හිමිවන බවද වාර්තාවේ.