නිල ආරාධනාවකට අනුව
මැලේසියානු දෙමළ සංවිධාන නායකයකු වන රොනි මුරුගන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට මැලේසියාවට පැමිණීමට අවසර ලබාදිය යුතු නැති බවයි.
මීට අමතරව එල්.ටි.ටි.ඊ. හිතවාදියකු වන පිනාස් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලතියාම් රාමසාමි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරය සඳහා විරෝධය පාන මෙන් එරට දෙමල ඩයස්‌පෝරාවෙන් ඉල්ලීම නිසා මැලේසියා සංචාරය වෙනුවෙන් එරට රජය දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇතැයි වාර්තාවේ.
පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහරදීමේ සිද්ධිය පසුබිමේ ද රාමසාමි සිට ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියා සංචාරයට විරෝධය දැක්‌වීමට තමන් කටයුතු කරන බව ඩී. ඒ. ඩී. පක්‍ෂයද සිටී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (15 දා) පස්‌වරුවේ මැලේසියාව බලා පිටත්ව යැමට නියමිතය.