තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා චෝදනා එල්ල වි තිබු සියලු විත්තිකරුවන්ගේ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් බව දන්වා නිදහස් කර තිබුනා.
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
2016 සැප්තැම්බර් මස පළමුවැනිදා අධිචෝදනාපත්‍ර භාර දීමෙන් පසුව නිතීපතිවරයා රජයේ සාක්ෂිකරු ලෙස විජේවික්‍රම මනම්පේරිගේ ප්‍රීතිවිරාජ් නම් කළ අතර පසුගිය නොවැම්බර් 22වනදා සිට දින 22ක් නොකඩවා සත්දෙනෙකුගෙන් යුත් විශේෂ ජුරි සභාවක් ඉදිරියේ විභාගය ගැණුනා.
ඊයේ දිනයේ දී නඩුවේ සාක්ෂි විභාගය අවසන් කරමින් ජූරියේ ඒකමිතික තීරණය අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා චෝදනා එල්ල වි තිබු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.
මෙය ඊයේ දවස පුරා විභාගවූ අතර තීන්දුව දෙන විට මධයම රාත්‍රියද ඉක්ම ගොස් තිබුනි.
අධිකරණ නිවාඩුවද නොතකා එය විභාග වී තිබූ අතර ලංකා ඉතිහාසයේ මෙතරම් රෑබෝවී නඩු තීන්දු ලබාදුන් අවස්ථා නොමැති බවද මින් ඉහත බදුල්ලේ නඩුවක් පමණක් රාත්‍රී 10 ට පමණ අවසන්වූ අවස්ථාවක් තිබූ බවද වාර්තාවේ.