පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30 වැනිදා) ඉල්ලා අස්‌විය.
ජයරත්න මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (30 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දුන්නේය.
ආණ්‌ඩුවේ ඇමැතිධුරයෙන්
ඉවත් වන ලෙස දිස්‌ත්‍රික්‌කයේ පළාත්
පාලන නියෝජිතයන් හා පාක්‌ෂිකයන් දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් එම ඉල්ලීමට සවන් දෙමින් මෙලෙස ඉල්ලා අස්‌වූ බවත් ලිපියේ සඳහන් කර ඇත.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙසත් තවදුරටත් කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පමණක්වූ ආණ්‌ඩුවක ඇමැතිධුරයක්‌ ලබා ගන්නා තෙක්‌ වෙනත් කිසිදු ඇමැතිධුරයක්‌ ලබා නොගන්නා බවද සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම ලිපිය ජනපතිවරයා භාරගත්තත් නැතත් ඔහු ඉල්ලා අස්වන බවත් නැවත වැඩට නොයන බවත් කියා ඇත.
ප්‍රියංකර ජයරත්න මහතා යහපාලන ආණ්‌ඩුවේ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමැති ලෙස මුලින් කටයුතු කළ අතර පසුව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැතිධුරයට පත්විය.