කුරුඳුවත්ත පොලිස් වසමේ විහාර මහදේවි උද්‍යානය ආසන්නයේදී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් පදවමින් යතුරුපැදිකරුවකු අනතුරකට පත් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන
මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන
පොලිස් අත්අඩංගුවට පත්ව අලුත්කඩේ අංක 7 දරන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19දා) ඉදිරිපත් කර තිබුණි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරට ලක් වූ අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ සුඛෝපභෝගී ජීප් රථය මුදල් අමාත්‍යාංශයට අයත් වාහනයක් බවටද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබිණි.
ඉකුත් 18 වැනිදා අලුයම මේ රිය අනතුර සිදුව ඇති අතර පසුව කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ඔසඳ යාපා අබේවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
නැවත ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.