පෑන් පෑන් - යන නමින් ප්‍රකටව සිටින ලෝකයේ
මේතාක් ජීවත්වූ වයස්ගතම පැන්ඩා අද 31 මියගිය බව චීනයෙන් වාර්තා විය. මියයනවිට ඌට වයස 31 කි. පෑන් පෑන්, ලොව පැරණිතම පිරිමි යෝධ පැන්ඩා යන නමින් චීන රාජ්‍ය මාධ්‍ය ආයතනය, ෂින්හුවාද හඳුන්වා දී තිබේ. චීනයේ සිචුවාන් පළාතේදී ඌ මිය ගියේය.
වඳ වී යාමේ තාර්ජනයට මුහුණදී තිබෙන මෙම පැන්ඩා විශේෂය වෙනුවෙන් පැටවුන් 32 දෙනෙකු ජාතක කරන්නට පෑන් පෑන් දායකවූ බව ස්මිත්සෝනියන් සත්වෝද්‍යානය වාර්තා කර තිබේ.
පසුගිය කාලයේ පෑන් පෑන් ගැන විවිධ වාර්තා පළවී තිබුණි. 2015 උගේ 30 වන උපන්දිනය සැමරූ අවස්ථාවේ අයිස් වලින් තැනූ කේක් ගෙඩියක් කපා එය සැමරූ පසුව ලෝකය පුරා මාධ්‍ය වල ඡායාරූප පවා පළවූයේ වයස්ගතම පැන්ඩාගේ වාර්තාව තැබූ බව සිහිපත් කරමිනි.