මාර්ග අනතුරු ආරක්ෂාවට කැපවූ නිලධාරියා
තමන්ගෙ ජීප් එකෙන් කාර් දෙකක් හැප්පුවාම
වන්දි නොගෙවා මග හැරලා


රටේ මාර්ග අනතුරු සිදු කර පළායන අය වෙනුවෙන් හා මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටිමින් තම වෘත්තීය ජීවිතයේ කටයුතු කරන ප්‍රධානියෙකු තම ජීප් රථයෙන් වාහන දෙකක් හප්පා අනතුරට ලක්කිරීමෙන් පසු මගහැරීමේ අපූරු පුවතක් පසුගියදා වාර්තා විය.
‘මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව ‘ නමැති ප්‍රවාහන අමාතශංශය යටතේ පවතින මෙම ආයතනයේ
ප්‍රධාන නිලධාරියෙකු පසුගියදා කොළඹ නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශයේදී ඔහු පදවාගෙන ගිය මිට්සුබිෂි ජීප් රථය අපරික්ෂාකාරී ලෙස පැදවීම නිසා පාරේ ගමන් කළ කාර් රථ දෙකක් හප්පා අලාභහානි සිදු කර තිබේ.මේ නිසා කාර් දෙකේම පසුපස එබී නැවී තිබෙන අතර අනතුරින් ලක්ෂ 6 කට අධික බවට තක්සේරු කර තිබේ.
සිද්ධිය කථාබහෙන් සමථයකට පත්කරගන්නා අදහසින් එම නිලධාරියා වාහන හිමිකරුවන් සමග එම අවස්ථාවේ කතා කර ඇතත් එම අලාභ ඒවා පැදවූ රජයේ සේවකයින් බව කියන පුද්ගලයින් ඉල්ලා සිටි විට පසුව මගහැරයාමේ ප්‍රතිපත්තියක සිටින බව වාර්තා විය.
මේ නිසා එම දෙදෙනා පොලිස් පැමිණිල්ලක්ද සිදු කර තිබෙන අතර ඒ ගැන මේ වනවිට නාරාහේන්පිට පොලිසියද පරීක්ෂණ අරඹා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මෙකී නිලධාරියා සේවය කරන මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව දියත් කළ මාර්ග ආරක්ෂණ සතිය තුළදීම වීමද විශේෂත්වයකි.
‘සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම‘ යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය එය බව එම වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
එසේම එම ආයතනය සිදු කරන කාර්ය අතර පහත ඒවාද තිබේ.
    හඳුනා නොගත් වාහන වලින් අනතුරට පත් තැනැත්තන්ට වන්දි ගෙවීම.
    මාර්ග ආරක්ෂාව හා ‍ සම්බන්ධිත ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳ රජයට උපදෙස් දීම.
    සම්බන්ධිත විෂයයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම,පර්යේෂණ පැවැත්වීම සහ ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම.

අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප දෙකක් පහතින්