රුසියන් ජාතිකයකුගේ මළ සිරුරක් ගාල්ල කොටුපවුර අසලදී ගාල්ල පොලිසියට හමුවී තිබේ.
වයස අවුරුදු 55ක් වන අබ්රා මොච්කින් අලෙක්සෙල් නොහොත් අලෙක් නමැති රුසියානු ජාතිකයකු මෙසේ මියගොස් තිබිණි. මෙම රුසියානු ජාතිකයා හොල්සිස් ලෝවා ස්ටීර්ට් මොස්කව් - රුසියාව ලිපිනයේ
පදිංචිකරුවෙකි.
වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය මඟින් පවත්වයි.
(රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, පෝද්දල - යූ. එම්. තිලකරත්න)