මහ රජ දුටු ගැමුණු - චිත්‍රපැටියා කියමින්
සරසවි සම්මාන උළෙල නිවේදනය කරන්න ගිය
සංගීතා නාගනී

වසර 8 ක් තිස්සේ නවතා දමා තිබී පසුගිය සතියේ නැවත පවත්වනු ලැබූ සරසවි සම්මාන උළෙල මෙවර සංවිධානය කර තිබුනේ තරමක අමුතු ආකාරයකටය. එහි නිවේදන කටයුතු පැවරී තිබුනේ සප්තා කන්‍යා ආදර චිත්‍රපටය නිසා ප්‍රකටවූ නළු නිළි යුවළ කමල් අද්දර ආරච්චි හා සංගීතා වීරරත්න දෙපළටයි. රියලිටි තරග මෙහෙයවීමෙන්ද නමක් දිනා සිටි කමල්ට මේ වැඩේ නුහුරු බවක් නොපෙනුනත් සංගීතාට නම් මෙම නිවේදන වැඩේ අවුල් ජාලයක්වූ බව
එම උත්සවයට ගිය කාහටත්

පැහැදිලිවී තිබේ.

කල් ඇතිව සූදානම් කළ පිටපතක් කියවීමට ඇයට නියම කර තිබුණ නමුත් ඇය නිවේදනය කරද්දී වචන වැරදුණු වාර ගණන 30 කට වැඩි බව ඒ ගැන නිරීක්ෂණය කළ අයට ගණනය කරන්නට හැකිවී ඇත. අමුතු ආකාරයට සිදුකරන ඇගේ උච්ඡාරණයන්හි හැමතැනම වැරදි සිදුවූ නිසා ඊළඟට වරදින්නේ කොතනද යන වින්දනීය උවමනාවෙන් ඇතැම් අය එම වැඩසටහන නරඹා තිබූ බවටද පසුව අදහස් පළවිය.

“මහරජ ගැමුණු“ චිත්‍රපටය හඳුන්වන්නට ඇය “මහ රජ දුටු ගැමුණු “ යයි ඇතැම් තැනක කියවා ඇති අතර “ඔබ නැතුව ඔබ එක්ක“ වෙනුවට “ඔබ නැතුව ඔබ ත් එක්ක“ යනුවෙන් චිත්‍රපටයේ ‘ත්‘ යන්නක් යොදා නම වෙනස් කර කියවා ඇත. ඇය විටෙක ‘චිත‍්‍රපට‘ වචනය ‘චිත‍්‍රපැටියා‘ ලෙස නම් කරන්නට යාමේදී සභාවේ අයට සිනහව නවතා ගන්නට බැරි වී තිබේ. ‘ලෝහමය සම්මානය‘ ගැන ඇය හඳුන්වා ඇත්තේ “ලෝමහය සම්මානය“ නමිනි.

මෙම වැඩසටහනට ඇය කල් ඇතිව සූදානම්වී නොසිටියාද නැතිනම් ඒ ඇයගේ උච්ඡාරණයේ හැටිද යන්න උළෙල නිමාවේ නරඹන්නන්ට ඉතිරි කළ පැනයයි.

සම්මාන උළෙලේ උච්චතම අවස්ථාවේ හොඳම නිළිය නම් කරද්දී පවා ඇයට වැරදුණි.ඇය හොඳම නිළියගේ හේතු පාඨය කියවන ආගන්තුක ආකාරය සහ චිත්‍රපටයේ නම “ඔබ නැතුව ඔබත් එක්ක“ ලෙස කියවූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින්