ලෝකයේ උසින් වැඩිම නත්තල් ගස ගාලු මුවදොර පිටියේදී ඉදිකිරීම ඊයේ වනතුරු සිදුවූ අතර මේ වනවිට අවසන් මොහොතේ කළ යුතු දේ සිදුවෙමින් පවතී. සැලසුම ප්‍රකාරව අද සවස 7 වන විට එය මහජනයා සඳහා
විවෘත කිරීමට හැකියාව ලැබෙන බව

ඉදිකරන්නන් දන්වා සිටී.
වරාය ඇමති අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී මෙම නත්තල් ගස අද සවස 7ට විවෘත කෙරෙනු ඇත. ඉන් පසුව එය මහජනයා සඳහා විවෘත වේ.
මේ සමග පළවන්නේ මින් දින කිහිපයකට පෙර වැඩ අවසන් වන්නට පෙර එහි බල්බ් දල්වා රාත්‍රී කාලයේ අත්හදා බැලූ අවස්ථාවක ඡායාරූපයකි.