2017 වසරේදී තීරණාත්මක ලෙස රජය පෙරළන බවට මහින්ද රාජපක්ෂ ලංකාවේ විදෙස් මාධ්‍ය හමුවකදී පැවසීමෙන් පසුව ඊට පිළිතුරු ලෙස අගමැති රනිල් 2017 වසරේ අමාත්‍යංශ වැඩ අරඹමින් කියා සිටියේ
හැකිනම් පෙරළා පෙන්වන ලෙස
මේ අතර අද නෙලුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා යළිත් එයට පිළිතුරු දී ඇත.
වත්මන් ආණ්ඩුව පෙරළා දමන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශගතව සිටියදී නොව රට තුළ රැඳී සිටියදීම බව කියූ මහින්ද ‘එතුමාට රට ගිහින් බය නැතිව එන්න පුළුවන්. අපි පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙ නැහැ. එතුමා ඉන්න වෙලාවෙදිම තමයි පෙරළිය ඇති වෙන්නේ. බලාගෙන ඉන්නකෝ..” කීවේය.