බොහෝ අයට මතක තිබෙන නොකියා නාමයෙන් නැවතත් 2017 වසරේ මුල් කාර්තුවේදී ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන කලඑළි දකින්නට සූදානම් වන බව තාක්ෂණික වෙබ් අඩවි වාර්තා කරනවා.
මයික්‍රසොෆ්ට් සමග ගිවිසුම නිමාවීමෙන් පසු 2017 ජනවාරි 1 වනදායින් පසු නැවත ස්වාධීන ගමනකට පිවිසි ජංගම දුරකථන ක්ෂේත්‍රය ආරම්භයේ විප්ලවයක් කළ පින්ලන්තයේ නොකියා සමාගම මෙම විප්ලවය සිදුකරන්නට යන්නේ අලුත්ම තාක්ෂණය සමග එක්වෙමිනි.

නොකියා නාමයෙන් පැමිණි බොත්තම් ඔබන ජංගම දුරකථන
මුල් කාලයේ සාර්ථකත්වයට පත්වුවද ස්මාර්ට් ස්පර්ශ දුරකථන වෙළෙඳපොල ජයගැනීමට අසමත්වීම නිසා ඇද වැටිණි. ඒ වෙනුවට හිස එසවූයේ සැම්සුන් හා ඇපල් ස්මාර්ට් දුරකථනයි.

මේ අතරවාරයේ ජංගම දුරකථන වෙළෙඳපොලට අලුතින් පැමිණි මයික්‍රසොෆ්ට් සමාගම නොකියා නාමය මිලට ගනු ලැබූවේ ඔවුනට අයත් වින්ඩොස් මොබයිල් මෙහෙයුම් පද්ධතියේ වර්ධනය පිණිස නොකියා ලුමියා ජංගම දුරකථන හඳුන්වාදෙන්නටය. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය සාර්ථක වූයේ නැත.

 වින්ඩෝස් ජංගම පද්ධතියේ ඇප්ස් ආදී පහසුකම් ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය හා සසැඳීමේදී වර්ධනය නොවූ නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිපදවන සමාගම් තවදුරටත් වෙළෙඳපොල ස්ථාවර කරගෙන තිබුණ අතර නොකියා නාමයද මයික්‍රසොෆ්ට් හමුවේ අසාර්ථක වූ අතර නොකියා අතැර මයික්‍රසොෆ්ට් ඔවුනගේ නමින් පමණක් දුරකථන නිපදවන්නට විය..  කෙසේ වෙතත් 2017 ජනවාරි 1 වනදායින් පසු එම ගිවිසුම අවසන් වන නිසා නොකියා ස්වාධීන ගමනක නිරතවන බව දන්වා තිබේ.
ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් නිපදවන දුරකථන ගැන හැඳින්වීමේ වීඩියෝවක් පහතින්