ඩෙංගු උණ රෝගය වැලඳීමෙන් අග්‍රාමාත්‍ය ආරක්‍ෂක අංශයට සම්බන්ධව සේවයේ නියුතු පොලිස් කාන්තාවක් මියගොස් ඇත.
මියගොස් ඇත්තේ හම්බන්තොට ගොන්නෝරුව
ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එච්. චතුරිකා සෙව්වන්දි නමැති 22 හැවිරිදි අවිවාහක කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.
ඩෙංගු උණ රෝගය වැලඳී කොළඹ, කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 දින ඇය මියගොස් ඇත.
මියගිය කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගොන්නෝරුව විදුහලේ විදුහල්පති ඩී.එච්. නිමල් මහතාගේ දෙටු දියණියයි. චතුරිකා සෙව්වන්දි මෙනෙවියගේ අවසන් කටයුතු පෙරේදා (31දා) පස්වරුවේ පොලිස් ගෞරවාචාර මැද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගොන්නෝරුව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

(හම්බන්තොට -මුනිදාස හෙට්ටිආරච්චි)