දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන ගාල්ල පින්නදූව මාර්ගයේ 31 රෑ සංගීත සන්දර්ශනයක් නරඹා මෝටර් සයිකල් 2 කින් යමින් සිටි තරුණයන් දෙදෙනෙකු කාර් රථයක හැපී මියගොස් තිබේ.

උණවටුන ප්‍රදේශයේ සිට

කටුනායක බලා සංචාරකයින් රැගෙන ධාවනය වූ කුලී මෝටර් රථයේ පසුපසින් පැමිණි යතුරු පැදි 2ක රාත්‍රී 1.30 ට පමණ අධික වේගයෙන් ගැටී අනතුර සිදු විණි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ, 18 හැවිරිදි සහ 22 හැවිරිදි ගාල්ල, නාරාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
 එක් අයෙකු පාසල් සිසුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ධීවර සංස්ථාවේ සේවකයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ මෝටර් රථයේ රියැදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.