රථ වාහන කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස කොටස් එකතු කර යතුරුපැදියක්
නිපදවීම
හා එය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා එම යතුරුපැදිය රාජසන්තක කරන ලෙසටද නියෝග කළේය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක සිර දඬුවමක් ලබාදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි අයකුට එසේ දඬුවම් නියම කෙරිණි.
බොරලැස්ගමුව පොලිසියේ සැරයන් වික්‍රමසිංහ මහතා අධිකරණයට කරුණු දැක්වීය.

(කුමුදු උපුල් ශාන්ත)