සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ
- අන්තරේ හා GMOA මුගුරු අතට ගනී
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීම වළක්වා තිබීම අභියෝගයට ලක්කර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් අද (31) විභාගයට ගත් අවස්ථාවේ ඔවුන්ට ලියාපදිංචි අවසරය ලබා දියයුතු බව
අභියාචනාධිකරණය
වෛද්‍ය සභාවට නියෝග කළේය.
විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකුගේ මෙම ජයග්‍රහණය අනුව ඉදිරියට සියලුම
සයිටම් උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසු සිසුවියන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පසුගිය කාලය පුරා සයිටම් විරෝධතා උද්ඝෝෂණයේ යෙදුණ පිරිස් මෙම තීන්දුව අනුව නොසන්සුන්ව ඇති අතර අද දහවල් කොළඹ විරෝධතා පාගමනක්ද අරඹා ඇත. සවස 3 ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දීමටය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලබන බ්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත මධ්‍යම කාරක සභාව රැස්වීමේදී
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කරන බවත් වෛද්‍ය වෘත්තිකයින් මේ ගැන දැඩි තීරණයක් ගැනීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත.
පසුගිය සතියේ උසස් අධ්‍යාපන අැමති කිරිඅැල්ල පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේ පැවති රජය මිලියන 600 යොදවා සයිටම් අරඹා අධ්‍යාපන කටයුතුද ලබාදී තිබුණ බවත් දැන් රජයට ඉතිරිව ඇත්තේ එය පවත්වා යන්නට ඉතිරි දේවල් කරදීම පමණක් බවත්ය.