ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ මැඩ්ලින් ඕල්බ්‍රයිට්
මහත්මිය ට්‍රම්ප්
බලයට පත්වූ පසු කරන කියන දේ තදින් විවේචනය කරමින් බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.
ඇමරිකාවේ ත්‍රස්ත උවදුර කිසියම් ජාතියක සියලු සාමාජිකයින්ට බලපාන සැකකිරීමකට ලඝු කිරීම මානව අයිතීන් කඩකිරීමක් ලෙස අර්ථ දක්වන ඇය සංක්‍රමණිකයන් වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමට සූදානම් බව දන්වා ඇත.
ට්‍රම්ප් තවම ඇමරිකානු මුස්ලිම් ජනතාවට හිරිහැර කර නැති නමුත් මුස්ලිම් රටවල් කිහිපයකට ඇමරිකාවට සංක්‍රමණය තහනම් කරන දින 120 ක වීසා තහනමක් පැනවීමේ ලේඛනයක් දැනටමත් සකස් කරගෙන සිටී.
79 හැවිරිදි ඕල්බ්‍රයිට් මහත්මිය දන්වන්නේ ඉදිරියේදී ඇමරිකාව මුස්ලිම් තහනම් කළාපයක් කරන්නට ට්‍රම්ප් වෙර දරන්නේ නම් තමා කතෝලික ආගම අතැර මුස්ලිම් භක්තිකයෙකුවී එයට විරෝධය පළ කරන බවයි.