පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාට සහාය අපේක්ෂකයෙකු ලෙස තරග වැදී මහින්දගේ පරාජයෙන් පසුවත් ඔහුව අතැර නොයා මහින්දගේ කොළඹ වාසය සඳහා පීකොක් මන්දිරය
සැපයීමට ඉදිරිපත්වූ ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ මහතා
ටික කලකට පසුව සිය ප්‍රතිපත්ති වෙනස් කළේය.
ඔහු 2016 අප්‍රේල් මස පුවත්පත් වලට මුදල් ගෙවා දැන්වීම් පළ කර  ‘මා එනවා’ යනුවෙන් සඳහන් කරමින් පූර්ව ප‍්‍රචාරයක් ලබාදී මෛත‍්‍රී ජනපතිත් එක්ක ගාලූ පුරයේ රැස්වීමකට එකතුවන බවට පවසා සිය පක්ෂපාතීත්වය මෛත්‍රි ජනපති දෙසට මාරු කළේය.

පසුගිය රජය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලියනගේ මහතාට නයිජීරියාවේ තානාපති ධූරය පිරිනමා තිබුණ අතර  මෙවර ජනපති මෛත්‍රීපාල සිරිසේන කටාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇති බව වාර්තාවෙයි.
ඔහු පැත්ත මාරු කළ දැන්වීම පහතින්