ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ, 2017 ජනවාරි 01 වැනි දින සිට පත්වීම් ලැබ තිබේ. ඒ සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය එම තනතුරට සමුදීමත්
සමඟිනි.සුපුන් වීරසිංහ,
1999 සිට ඩයලොග් සමාගමේ කටයුතු කරන අතර ඔහු එහි ඉහළ තනතුරු රැසක සහ ආසියාටා  විදේශ ශාඛා වල ප්‍රධාන තනතුරුද දැරූ අයෙකි.
කෙසේ වෙතත් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇති බවද වාර්තාවේ.