මරණිය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ගේ වත්කම් බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් අල්ලස්
හෝ දූෂණ විමර්ශන
කොමිසම මගින් අද ගොනු කර තිබු නඩුවකදී බන්ධනාගාර නිලධාරීන් දුමින්ද සිල්වා අධිකරණයට ගෙන්වා නොතිබූ අතර අධික ලෙස රෝග තත්වයෙන් සිටින බවට නීතීඥයින් කරුණු ඉදිරිපත් කර තිබුනේ ඔහුට වෙඩි වැදී ඇතිවූ පැරණි තුවාල නැවත සිරගතවූ පසු මතුවූ බවටත් ස්නායු රෝග තත්වය උග්‍රවූ බවත් පවසමිනි.
ඒ අනුව සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද (26) නියෝග කළා.
පෙබරවාරි මස 13 වන දින අදාළ වාර්තාව සමග නඩුව නැවත කඳවා ඇත.