කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කඩවල ගම්මානයේ කැලයේ මියගොස් සිටින වල් අලින් හතර දෙනාගේ මළ සිරුරු දින හතක් තිස්සේ කුණු වී අධික දුර්ගන්ධයක් නිකුත්වීමෙන් ගම්වාසීන්ට
ඉමහත් පීඩාවකට මුහුණපෑමට සිදුවී ඇති බවත්
 පවුල් රැසක් ගම අතහැර වෙනත් ගමකට ගොස් සිටින බවත් දැනගන්නට තිබේ.
 වනජීවී දෙපාර්තමේන්තුව එම මළ සිරුරු වළ දැමීමට හෝ පුලුස්සා දැමීමට මෙතෙක් ක්‍රියා කර නැතිවීම මෙම ගැටලුවට මුලයි.
හමා එන අධික දුර්ගන්ධය නිසා ගම්වාසීන්ට හරිහැටි ආහාර වේලක්වත් ගැනීමට බැරි තත්ත්වයක් උදාවී තිබිණි.
ගල්කඩවල ශ්‍රී අශෝකාරාම විහාරවාසී සුභද්‍ර හිමියන් පැවැසුවේ මේ දුගඳ නිසා දාන වේලවත් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.