දරු කමට හදාගත් දියණියට වයස 17 පසු කළ දාසිට
පියාගෙන් අතවර


දරුවන් නොමැතිව සිටි යුවළක් නීති ප්‍රකාරව මාස 3 ක දරුවෙකු හදාගන්නට පටන්ගෙන පසුව එම ගැහැණු දරුවා වයස 17 ක නව යෞවනියක බවට පත්වූ පසු පියාගේ දෛනික අතවරයට ලක්වීමේ ඛේදජනක සිද්ධියක්
ඊයේ නුගේගොඩ අධිකරණයෙන් වාර්තා වුණා.
මේ වනවිට වයස 20 පසුවන ඇය දැන් තරුණියකි. ඇයව දරුකමට හදාගත් මවට පසුව තවත් දරුවන් දෙදෙනෙකු ලැබුණ අතර 19 වියේ සිටින එක් සොයුරියක විවාහ අපේක්ෂාවෙන්ද සිටී.
අනපේක්ෂිත ලෙස මෙම තරුණිය 16 වන විය පසුකරනවාත්
සමග මව මියයාමෙන් පසු සියලු කරදර ආරම්භවූ බව ඇය අධිකරණයට දන්වා ඇත.
‘අම්මා නැතිවුනාට පස්සේ තාත්තා අපිව තදින් පාලනය කළා. නංගියි මල්ලියි මගෙන් වෙන් කළා. මාව වෙනම කාමරයකට දැම්මා. ගෙදර කවුරුත් නැති වෙලාවල් වල තාත්තා මා ගාවට ඇවිත් නොයෙක් අතවර කරන්න උත්සාහ කරනවා. බෙරෙන්න බැරිම තැන මට ඒවට ඉඩ දෙන්න සිදුවුණා.
පසුව මගේ සොයුරිය බඳින්න ඉන්න කෙනාත් නිවසට ඇවිත් මට විවිධ අතවර කරන්න උත්සාහ කරල තියනවා. මේව හැමදාම හංගන්න ගියොත් මගෙ ජීවිතෙත් නැතිවෙයි කියල බය හිතුණ තැන තමා පොලිසියට කථා කළේ‘
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ පසු සැකකාර පියා සහ සොයුරියගේ පෙම්වතා අත්අඩංගුවට පත් විය.
දරුකමට හදාගත් දැරිය තරුණ වියේදී දූෂණය කළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර පියා ඊයේ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලදුව රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇපමත මුදාහරින ලෙසද, වින්දිත තරුණිය පරිවාස නිලධාරිනිය මඟින් ඇගේ ඥාති සහෝදරියකට භාරදෙන ලෙසටද නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන සැකකාර පියාට අතවරයට පත් තරුණිය සමඟ කිසිදු සබඳතාවක් නොපවත්වන ලෙසටද සෑම මසකම අවසන් ඉරුදින මහරගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියම කෙරුණි.
නිතර දෙවේලේ එම නිවෙසට ආවගිය තරුණියගේ සොයුරියගේ පෙම්වතාව සිටි බව කියන පුද්ගලයාද දැනට ඇපමත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.